Tuesday, July 5, 2011

MCC Spirit of Cricket Cowdrey Lecture 2011



Former Sri Lankan skipper Kumar Sangakkara delivered a hugely impressive speech Monday, July 4  at Lord’s when he raised to deliver the MCC Spirit of Cricket Cowdrey Lecture. Kumar Sangakkara was the first Sri Lankan Cricketer to deliver a MCC Spirit of Cricket Cowdrey Lecture. Sangakkara who is 33 year old and currently touring England is the first firsr current cricketer and youngest Cricketer to deliver this highly regarded lecture at Lord”s.

Monday, July 4, 2011

තරු පුන්චි නෑ........... ඈතට පේන හැටි තමා .........



මම කියන්න යන්නේ නෑ.. " කවදාවත් ඔයාව අඩවන්නේ නෑ කියලා "

නමුත් මම ඔයාව හිනස්සනවා ඔයාගේ කදුලු වේළෙන්නට කලින්..



මම කියන්න යන්නේ නෑ " මම කවදාත් බොරුවක් කියන්නේ නෑ කියලා "

මම එහෙම කලත් ඒකට හේතුවක් ඇතිවයි කරන්නේ කවදා හරි දවසක ඒකේ ඇත්ත පහදලා දෙනවා..

Wednesday, June 29, 2011

ආදරයයි....... අකුරු සතරයේ

ආදරය. අකුරු හතරයි. ආදරේ වර්ග ගොඩක් තියනවා. දෙමාපියන්ගෙන් දරුවන්ට, පොඩි ළමයින්ට, පෙම්වතුන් දෙන්නෙක් අතර, සත්තුන්ට, ගහ කොළට ආදරේ ඇති වෙන්න පුලුවන්. අපි ආදරේ කරනවා. ඒකෙන් අපි සංසාරික බැඳීම් වලින් එකක් වෙන පෙම්වතුන් දෙන්නෙක් අතර ඇති වෙන ආදරේ ගැන කතා කරමු. සංසාරික බැඳීමක් කිව්වේ යශෝධරා දේවියත් ලේන කුලේ ඉඳලම බුදුන්වහන්සේව පතාගෙන ආපු නිසා.

ගොඩක් අය ආදරේ කරනවා ඇති. කරලත් ඇති. ආදරෙන් වේදනා විඳලත් ඇති. වෙන කෙනෙක්ට වේදනාවක් දීපු අයත් ඇති. ඒත් අපි මේ ආදරේ කියන එකෙන් අදහස් කරන්නේ පෙම්වතියට\පෙම්වතාට තෑගි අරන් දෙන එකද? එයත් එක්ක කතා කර කර කාලෙ ගෙවන එකද? චුම්බනය කරන එකද? ෆිල්ම් බලන්න යන එකද? වැලඳගන්න එකද? නැත්තෙමත් නැහැ. ඒත් ආදරේ කියන එක ඇතුලේ ගොඩක් ගැඹුරු අර්ථයක් තියනවා. කෙනක් තවත් කෙනෙක්ව දැකල එයා ලස්සනයි කියලා එයාගෙ පස්සෙන් ගිහින් ආදරේ කරන එක ඇත්තම ආදරේද? ගොඩක් ෆිල්ම් වල නම් ආදරේ කියන්නේ ඒකට. ඒත්  ඒකෙන් දෙන්නේ වැරදි ආදර්ශයක්. මේක දිගින් දිගටම ආපු දෙයක් නිසා සමහරු ඒක තමයි ආදරේ කියලා තෙරුම් ගනීවි. එහෙම කරලා අනාගතේ දුක් විඳීවි. මේක නෙවෙයි ආදරේ කියලා.