Monday, July 4, 2011

තරු පුන්චි නෑ........... ඈතට පේන හැටි තමා .........



මම කියන්න යන්නේ නෑ.. " කවදාවත් ඔයාව අඩවන්නේ නෑ කියලා "

නමුත් මම ඔයාව හිනස්සනවා ඔයාගේ කදුලු වේළෙන්නට කලින්..



මම කියන්න යන්නේ නෑ " මම කවදාත් බොරුවක් කියන්නේ නෑ කියලා "

මම එහෙම කලත් ඒකට හේතුවක් ඇතිවයි කරන්නේ කවදා හරි දවසක ඒකේ ඇත්ත පහදලා දෙනවා..


මම කියන්නේ නෑ.. " අපි කවදාවත් රණ්ඩු නොවි ඉමු කියලා "

ඒත් මට තේරුම් ගිය දවසක ඔයාගෙන් මම සමාව ඉල්ලන්නම්..



මම කවදාවත් ඔයගෙ හිත රිද්දන්න කියලා හිතා මතා කිසිම දෙයක් කරන් නැහැ....

මගේ අතින් එහෙම උනත් ඒ නිසා කියලා...

මුණගැහෙන හැම දවසකම මගේ හිත රිද්දන්න එපා....

ඒ රිදුන හිත් වලට බෙහෙත් හොයන්න අමාරැ නිසා...

 
හැම වෙලාවෙම ඔයා ලගින්ම ඉන්න පුලුවන් වෙයි කියලා මට ඔයාට පොරොන්දුවෙන්න බැහැ..

එත් මේ හිත ඔයාව හොයන හැම වෙලාවෙම මට ඔයා ගේ හිතලග තනිවෙන්න....

පුංචි හරි ඉඩක් වෙන් කරලා තියන්න..............

 
මම කියන්න යන්නේ නෑ.. " එකට ජිවත් විම අපේ ජිවිතයට හොදයි සතුටුයි කියලා "

ඒත් ඔයාට ප්රශ්නයක් ඇති වෙන්න යද්දි මම ඔයාගේ ලගින් ම ඉන්නම්..

 
අමතක කරන්න එපා අපිට තරු පුන්චියට පෙනුනට....

ඒ ඈතට පෙනෙන හැටි විතරක් බව.......

තරු එලිය.... තරු මවන රටා..........

කවදාවත් අඩුවෙන් නැහැ......

ඒවගේමයි මම දුරින් කියලා ඔයා හිතනවනම්........


මට තවත් කියන්න තරම් දෙයක් නෑ..

මට තවත් ඔප්පු කරන්න තරම් දෙයක් නෑ..

නමුත් මතක තියා ගන්න..


මම ඔයාට මාගේ ජිවිතය පුරාවටම ආදරේ කරනවා..♥




1 comment:

  1. ලස්සන අදහසක් සහෝ. මේක ඇත්තටම කාටහරි කියපු එකක්ද?

    ReplyDelete